Saturday, October 29, 2011

මූලිකාංග (2 කොටස) - Programming Languages - පරිඝණක ක්‍රමලේඛන භාෂා - 1 කොටස

Programming Languages - පරිඝණක ක්‍රමලේඛන භාෂා

ද්ව්‍යංගී යන්ත්‍ර කේතයක සිට ඉහල මට්ටමේ භාෂාවන් තෙක්
පරිගණක මෘදුකාංගයන් නිර්මානය කිරිම සහ එය ක්‍රියාත්මක වන ආකාරය විමසා බැලීමට පෙර පරිගණකය තුල අභ්‍යන්තර ක්‍රියාකාරීන්වය පිලිබඳව අපගේ දැනුම මදක් අළුත් කර ගනිමු. ඔබ මින් පෙර පරිගණක දෘඩාංග පිළිබඳ වැඩිදුර හදාරා ඇතිනම් මෙම ලිපිය ඔබට පුනරීක්ෂණයක් වනු ඇත.

නවීන පරිගණකයන්හී න්‍යායික සංවිධානය(logical organisation)  හැම විටම එකිනෙකට සමානවේ. විශාල ප්‍රමාණයේ Mainframe පරිගණකයක් වුවද, සාමාන්‍ය භාවිතයේ පවතින  PC පරිගණකයක් වුවද පහත සඳහන් න්‍යායික සංවිධානය(logical organization මතම පදනම් වේ ඒනම්,

Ø  ආදාන උපාංග (Input Device)
Ø  ප්‍රතිධාන උපාංග(Output Device)
Ø  ප්‍රාතමික මතකය(Primary Memory)
Ø  ද්වීතීක මතකය (Secondary Memory)
Ø  මධ්‍ය සැකසුම් ඒකකය (CPU).


පරිගණකයේ න්‍යායික සංවිධානය


ආදාන උපාංග (Input Device)
ඔබ සියලු දෙනාම දන්නා පරිදි පරිගණකයේ පුධානතම ආදාන උපාංගයන් වන්නේ යතුරු පුවරුව (keyboard) සහ මූසිකයයි (mouse). මේවාට අමතරව පහත රූප සටහනේ පරිදි ආදාඑන උපාංගයන් ඔබට හඳුනා ගත හැක.

ප්‍රතිධාන උපාංග(Output Device)
පරිගනක පද්දතියේ ප්‍රධානතම ප්‍රතිධාන උපාංගයන් වන්නේ මොනිටරය හෙවත් පරිගණක තිරය සහ මුද්‍රණ යන්ත්‍රයයි. ඊට අමතරව පහත රූප සටහනේ අනෙකුත් ප්‍රතිධාන උපාංගයන් දක්වා ඇත.

ප්‍රාතමික මතකය(Primary Memory)
මෙය තවත් නම් දෙකකින්ද හඳුන්වයි ඒවා නම් Immediate Access Storage, හා Internal Memory යන්නයි. ප්‍රාතමික මතකයට ප්‍රධාන කොටස් දෙකක් අයත් වෙයි.

o   RAM (Random Access Memory)
RAM යනු තාවකාලික මතකයකි. මෙහි ගබඩාවන මතකය පරිශිලකයා මත රඳා පවතී එනම් පරිශිලකයා පරිගණකය භාවිතා කිරිමේදි ඔහු විසින් ප්‍රෙයෝජනයට ගන්නා දත්ත මෙහි තාවකාලිකව ගබඩා කරයි එහිදී
1.       Data – දත්ත
2.       Information - තොරතුරු
3.       Operating system - පද්දති මෘදුකාංගය
4.       Currently opened programs - දැනට භාවිතයේ පවතින මෘදුකාංග

යනාදිය තාවකාලික මතකය තුල ගබඩා වන අතර  පරිගණකයේ විදුලි සම්බන්ධතාවය විසන්දි වන විට එම මතකය මැකී යයි. එනිසා මෙය තාවකාලික මතකය ලෙස හඳුන්වයි.


o   ROM(Read Only Memory)
ROM යනු පරිගණක නිශ්පාදකයා විසින් ස්ථාපනය කරන ලද ස්ථිරව ගබඩා කර ඇති මතකයකි. මෙම මතකය පරිශිලකයා මත පනම් නොවේ, එනම් පරිශීලකයාට මෙම මතකයේ දත්ත කිසිසේත් වෙනස් කිරීමක් කල කොහැක.

මෙම මතකය තුල
1.       Boot startup programs - ආරම්භක වැඩසටහන්
2.       A special program which will load operating system components - පද්දති මෘදුකාංගයේ විශේෂිත කොටස් ආරම්භයට අපකාරීවන මෘදුකාංග.

මෙම මකතයට පරිගණක පද්දතියේ විදුලි විසන්දි වීම් බල නොපායි එනම් විදුලි විසන්දි වන විට මතකය නොමැකේ.

ද්වීතීක මතකය (Secondary Memory)

External Storage, Backing Storage යන නම් වලින්ද හඳුන්වයි.  මෙහිදී දත්ත සහ තොරතුරු පසු ප්‍රෙයෝජනය උදෙසා ස්ථිර ලෙස ගබඩා කිරීම සිදු කරයි. විදුලි සම්බන්ධතාවය මතකය කෙරෙහි කිසිසේත්ම බල නොපායි.

විශාල පරිමාණයෙන් දත්ත සහ තොරතුරු පහත සඳහන් උපාංග තුල ගබඩා කල හැක.
1.       Hard Disk –  දෘඩ තැටිය
2.       CD, DVD AND Diskettes – සංයුක්ත තැටි ආදිය
3.       Magnetic Tape - කැසට් පීස් ආදිය

මධ්‍ය සැකසුම් ඒකකය (CPU)
මෙම කොටස පරිගණක පද්ධතියේ ප්‍රධානතම ඒකකය ලෙස ක්‍රියා කරයි.  ප්‍රදාන කොටස් දෙකකි.
o   Control Unit (CU) පාලක ඒකකය
පරිගනකයේ සියලූම උපංග කරා පාලන උපදෙස් ලබා දෙන පද්දතිය මේ ලෙස හඳුන්වයි. පරිගණක පද්දතියේ සියලූම කලමනාකාරී ක්‍රියාවන් සඳහා වගකිවයුතු ඒකකය මෙයයි.

o   Arithmetic and Logical unit (ALU) - අංකමය සහ න්‍යායික පාලන ඒකකය.
පරිගණකය විසින් සුදුකරනු ලබන අංකමය කාර්‍යයන් සියල්ල පානය කරන්නේ මෙම ඒකකය මගිනි උදාහරන ලෙස
1.       එකතුකිරීම (Addition)
2.       අඩුකිරීම (Subtraction)
3.       වැඩිකිරීම (Multiplication)
4.       බෙදීම (Division)

එමෙන්ම පරිගනකය විසින් සිදුකරන සියලූම න්‍යායික කාර්‍යයන්ද මෙමගින් පාලනය කරයි
1.       සැසඳීම්
a.       X < A
b.      X > A
c.       X = A
d.      X =< A
e.      X => A

මතුසම්බන්ධයි.............

හොඳයි අදට පාඩම ඇති වගේ නේද.. ඇතැම් විට ඔබට සීතේවි ආපහු පරිගණක විද්‍යාවේ පෙරපාසලට ගියා කියලා නමුත් මෙම කොටස මා නැවත මතක් කිරීමක් කලේ  ඊලඟ කොටසට පිවිසීටම මෙම කොටස පිලිබඳ දැනුම අවැසි බැවින්..

හැකි ඉක්මනින් මීලඟ කොටසින් හමු වෙමු.. සුභ දවසක්!! 

3 comments:

  1. මුල සිටම උගන්වනවානේ. හරිම වැදගත්. මං මෙච්චර කාලයක් මේ ක්‍ෂේත්‍රෙය් සිටියත් ක්‍රමලේඛනය ගැන නම් දැනුමක් ඇත්තේම නෑ. මේ ටීචර් ගේ පාඩම් වලින් මේ ගැන මට ලොකු දැනුමක් ලබන්න පුළුවන් වෙයි කියා හිතනවා.

    ReplyDelete
  2. ඔන්න එහෙනම් මාත් සෙට් උනා චූටි ආහ් නෑ පොඩි ටීචර්ගේ පරිඝණක පංතියට. දිගටම ලියන්න ටීචර් මාත් කියවන්න එන්නම්. ටීචර් පරිඝණක ගැන උගන්වනවනම් මාත් කැමතියි. මොකද මාත් පරිඝණකය එක්ක වැඩ කරන නිසා.

    ReplyDelete
  3. හොද ලිපියක් දානවද උසස් මට්ටමේ පරිගණක ක්‍රමලේඛන සමග අන්තර් සම්බන්දතා පවත්වන පරිගණක දෘඩාංග උපාංග ගැන.

    ReplyDelete