Friday, October 7, 2011

ආයුබෝවන් ළමයිනේ..

ඔන්න අද ඉඳන් පොඩි ටිචර් ඔයාලාට සිංහලෙන් පරිඝණක විද්‍යාව උගන්වන්නයි ආවේ. පොඩි ටිචර්ට මේ අදහස ඇති වුනේ පරිඝණක අංශයෙන් උසස් අධයාපනය හදාරන නංගිලා මල්ලිලා බොහෝමයක් දෙනෙක් කියන දෙයක් නිසා, දේශනය වෙලාවේදි අහවල් පාඩම මට තේරුනේ නැහැ, ඒ වගේම මේ කියන කොටස මට තේරුම් ගන්න අමාරුයි. කියලා ඒ අය කියන අවස්තාවන් බොහෝමයි, ඉතින් අද ඉඳන් පොඩිටීචර් මේ සුදානම් වෙන්නේ ටීචර්ගේ ප්‍රියතම විශයන් සිංහලෙන් ඔයාලාට දැනගන්න කියවන්න මේ බ්ලොග් අඩවියේ පල කරන්න.


ආරම්භයක් විදියට ටීචර් කල්පනා කලා Computer Programming වල basic theory  කොටස සින්හලෙන් ඔයාලා එක්ක බෙදා හදා ගන්න. මම මේ දේවල් කියලා දෙන්නේ කිසියම් විභාගයක් ඉලක්ක කරගත්තු විශය නිර්දේශයකට අනුකූලව නොවන නිසා. එක් මාතෘකාවක් ගැන කතා කල හැකි උපරිමයට කතා කරන්න බලා පොරොත්තු වෙනවා වගේම පාඩම් මාලාවේ මාතෘකා පිලිවෙල වෙනස් වෙන්නත් පුළුවනි,


අනෙක් කාරනය තමයි පාඩම් ලියැවෙන්නේ  සින්හලෙන් උනාට, සමහර වචන මට ඉංග්‍රිසියෙන්ම භාවිතා කරන්න වෙනවා හේතුව  තමයි මම සින්හල වචනය හොයලා මේ දේවල් සින්හලෙන්ම පමනක් ලීවොත් මම මේ කරන්න යන දේ සමහර විට අපේ නංගිලා මල්ලිලාට ප්‍රෙයෝජනවත් නොවෙන්නත් පුළුවන්.


හරි.. අද මම කරන්න යන්නේ පාඩම්මාලාව ගැන කෙටි හැඳින්වීමක්..
 පළමු මාතෘකාවට ඇතුලත් වෙනන්නේ Computer Programming වල basic theory කොටස කියලා මම කලිනුත් කීවානේ. එහිදි මම Software Development Life cycle එක ගැන ගැඹුරු විග්‍රහයක් කරන්න බලා පොරොත්තු වෙනවා වගේම  Software Development Life cycle  මොඩ්ල් කීහිපයක්මත් විස්තර කරන්න බලා පොරොත්තු වෙනවා..


ඊලඟට ඉතාම සරළ මට්ටමේ සිට structured programming methodologies කිහිපයක් ගැන කතා කරන්න බලා පොරොත්තු වෙනවා ඒ අතරට JSP structure charts, psudocodes, Flow charts ආදිය ඇතුලත් වෙනවා


දැනට ඔක තරම් මගේ ප්ලෑන් එක.. ඉතින් අපි හෙට ඉඳන් පටන් ගමු ඉගෙන ගන්න..


දෙයක් මුලින්ම කියන්න ඔනි.. සමහර වෙලාවට මම ගොඩක්ම කාර්‍යබහුල උනොත් පාඩම ටිකක් පරක්කු වෙන්න පුළුවනි ඒත් අමතක කරන්න එපා හැකි හැම වෙලාවකම මම පාඩම ඔයාලට දෙන්න උත්සහ කරනවා.


ඊටත් පස්සේ කියන්න ඔනි.. මේ ටීචර් කවුද කියලා..


ඇත්තම කීවොත් මේ බ්ලොග් අවකාශේ බොහෝ දෙනෙක් දන්න කියන කෙනෙක්ම තමයි මම. ඒත් දැනට මම කවුද කියන එක නොකියා ඉන්නම්කෝ.. මොකෝ මගේ අනෙක් බ්ලොග් කිහිපයකම ලියැවෙන දේවල් එක්ක මම මේ වගේ අධයාපනික බ්ලොගයක් කරනවයි නියන එක මටත් හිතා ගන්න අමාරුයි..


එහෙනම් හැමෝටම සුභ දවසක්!!

13 comments:

  1. ඔන්න පංතියට අපි ආවා.
    පොඩි ටීචර් සැරද මන්දා...:DDD

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලොත් හොඳයි නේද චීටර්....:D

    ReplyDelete
  2. කියන්නත් අමතක උනා. හරිම වටිනා දෙයක්. පරිගනක අධ්‍යාපනයට භාශාව බාධාවක් වූ කාලය යුනිකෝඩ් සමග අවසන් වන බවක් පේන්නේ.එවන් පසු බිමක් සමගින් ඔබ ගෙනයන මේ උත්සාහය මම බෙහෙවින්ම අගේ කරනවා. ඔබේ අනෙක් බ්ලොග් මෙන්ම මෙයත් සාර්ථක වේවා කියාත්. මෙය දැනුම සොයන්නන්ට තෝතැන්නක් වේවා කියාත් මේ සමග පැතමි.

    ReplyDelete
  3. සර නෑ නෙද?අපිත් එන්නම් එහෙනම්.

    ReplyDelete
  4. මං දන්නවා පොඩි ටීචර් කව්ද කියලා....

    මේ බ්ලොග් එක ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!

    ReplyDelete
  5. @ නදී.
    අපෝ නැහැ මම චුට්ටක්වත් සැර නැහැ

    ReplyDelete
  6. @ මාළුවා
    මමත් දනන්වා ඔයා හොයා ගත් විදිය.. ස්තූතියි මාළුවෝ..
    ඒත් දැනං උන්නට දැනට කාටත් කියන්න එපා හොඳද ;)

    ReplyDelete
  7. ෂොයි වැඩක් ටීච ඔයා පටන් ගත්තේ බොහොම ස්තූතියි අපි හැමදාම මේ බ්ලොග් එකෙත් ඉන්නවා.. මාත් දන්නවා මේ චුටි ටීච කවුද කීලා.. කියන්නේම නෑ

    ReplyDelete
  8. බොහෝම අගේ කල යුතු වැඩක් පොඩි ටීචර්. අද මට අකුරු ඇමුණන්න අපහසු නමුත් පොඩි සටහනක් නොතියා යන්න බැහැ. අපෙන් සුබ පැතුම්.

    පුංචිත්තා හි මේ පන්තියට පාර පෙන්වන්න කටයුතු යොදන්නම්.

    හොඳම දේ ළමයින්ටයි!

    ReplyDelete
  9. අපිත් එන්නම්කෝ පන්තියට

    ReplyDelete
  10. ස්තූතියි පන්තියට එන හැමෝටම

    ReplyDelete
  11. ඔන්න මාත් ටීචර්ගේ පන්තියට ගොඩ වැදුනා. මම නම් තාප්පෙන් එහා පැත්තේ ඉදන් කාඩ් ගන්නේ නැතුව ඉගෙන ගන්නවා. ටීචර් ඒ නිසා ටිකක් සද්දෙන් උගන්වන්න. හික්ස් :)

    ReplyDelete